මම තාමත් විශ්‍රාම ගත්තේ නැහැ : ක්‍රිස් ගේල්

Date:

තමා තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගෙන නොමැති බව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් පවසනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ කොදෙව් කණ්ඩායම ක්‍රීඩා කළ අවසන් තරගයෙන් (ඔස්ට්‍රේලියාවට එරෙහිව) පසුව ජගත් ක්‍රිකට් කවුන්සලය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

තමා සිය අවසන් ජාත්‍යන්තර තරගය ජැමයිකාවේ දී තම ප්‍රේක්ෂකයින් ඉදිරියේ දී ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි ක්‍රිස් ගේල් කියා සිටියේ.

“මම විශ්‍රාම ගැනීමක් නිවේදනය කරලා නැහැ. ඔවුන් ඇත්තටම මට ජැමෙයිකාවේ එක් තරගයක් ලබා දෙන්නේ නම් මගේ ප්‍රේක්ෂකයින් ඉදිරියට යාමට, එතකොට මට ‘ඒයි යාලුවනේ, ඔබට බොහෝම ස්තූතියි’ කියන්න පුළුවන්.” 

යනුවෙන් 42 හැවිරිදි ඔහු පවසා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...