ඉන්දියාව තරගාවලියෙන් ඉවත් කරමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තය අද(7) සමත් වුණා.

ඒ, තරගාවලියේ 40 වන තරගයෙන් ඇෆ්ඝනිස්තානය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

ඒ අනුව ඉන්දියාවට සුපිරි 12 වටයෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, දෙවැනි කාණ්ඩයෙන් පාකිස්තානය හා නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අබුඩාබි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

සියලු පිතිකරුවන් අසාර්ථක වෙද්දී නජිබුල්ලා සඩ්රාන් පන්දු 48කින් වේගවත් ලකුණු 73ක් රැස් කරමින් ඇෆ්ඝනිස්තානය ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් හා ටිම් සවුති කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 18.1ක් අවසානයේ කඩුලු 2ක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසු කර ගියා.

කේන් විලියම්සන් නොදැවී ලකුණු 40ක් හා ඩෙවෝන් කොන්වේ නොදැවී ලකුණු 36ක් ලබා ගත්තා. මාර්ටින් ගප්ටිල් ලකුණු 28යි.

පන්දු යැවීමේ දී මුජීබ් රෙහ්මාන් හා රෂීඩ් ඛාන් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...