පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකා A අර්බුදයක

Date:

සංචාරක පාකිස්තාන A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(5) නිමා වුණා.

ඒ, තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම පාකිස්තාන A කණ්ඩායම වෙත නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 9ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 64ක්.

සුමින්ද ලක්ෂාන් ලකුණු 29ක් රැස් කළ අතර, නිපුන් ධනංජය ලකුණු 17යි.

සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාවට ළගා වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් කඩුලු 4ක් හා කුරාම් ශහ්සාඩ් කඩුලු 3ක් දවා ගත්තා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන A කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 394ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා A කණ්ඩායම පළමු ඉනිමේ දී මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 330ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...