ඉන්දියාවට එරෙහි නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ ; බෝල්ට් ඉවත් වෙයි

Date:

එළඹෙන ඉන්දීය තරග සංචාරය සදහා වන නවසීලන්ත ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා ප්‍රධාන දග පන්දු යවන්නන් ලෙස අජාස් පටෙල්, විල් සමර්විල් හා මිචෙල් සැන්ට්නර් නම් කර ඇති අතර, රචින් රවීන්ද්‍ර හා ග්ලේන් පිලිප්ස් ද සංචිතයට නම් කර තිබෙනවා.

ට්‍රෙන්ට් බෝල්ට් හා කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් මෙම තරගාවලියෙන් ඉවත්ව ඇත්තේ ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ දුෂ්කරතාවය පදනම් කර ගනිමින්.

නවසීලන්ත කණ්ඩායමේ ඉන්දීය සංචාරයට 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත් අතර, පළමු 20යි 20 තරගය ලබන 17 වනදා පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කරන නවසීලන්ත සංචිතයම ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලිය සදහා ද එක්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන 25 වනදායි.

New Zealand Test squad:

Kane Williamson (c), Tom Blundell (wk), Devon Conway, Kyle Jamieson, Tom Latham, Henry Nicholls, Ajaz Patel, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Will Somerville, Tim Southee, Ross Taylor, Will Young, Neil Wagner

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...