නැමීබියාව පරදා නවසීලන්තය අවසන් පූර්ව වටයට තවත් ළං වෙයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට තවත් පියවරකින් ළගා වීමට නවසීලන්තය අද(5) සමත් වුණා.

ඒ, තරගාවලියේ 36 වන තරගයෙන් නැමීබියානු කණ්ඩායම ලකුණු 52කින් පරාජයට පත් කරමින්.

එය නවසීලන්තය සුපිරි 12 වටයේ දී වාර්තා කළ තෙවැනි ජයග්‍රහනය වන අතර, ඔවුන් මේ වන විට ප්‍රසාද ලකුණු 6ක් ලබා දෙවැනි කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා.

ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඔවුන් අනිද්දා(7) දිනයේ දී සුපිරි 12 වටයේ සිය අවසන් තරගයට මුහුණ දෙන අතර, එම තරගයෙන් නවසීලන්තය ජය ගතහොත් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්තයට හැකි වනවා.

එසේ වුවහොත් ඉන්දියාවට හා ඇෆ්ඝනිස්තානයට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වනු ඇති.

සාජාහි අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නැමීබියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 163ක් රැස් කළා.

නවසීලන්තය පන්දුවාර 15ක් අවසන් වන විට රැස් කර ගෙන තිබුණේ කඩුලු 4ක් දැවී ලකුණු 91ක් පමණයි.

කෙසේ වෙතත්, අවසන් පන්දුවාර 5 තුළ දී නවසීලන්තය ලකුණු 72ක් රැස් කිරීම විශේෂත්වයක්.

ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 39ක් ද, ජේම්ස් නීෂම් නොදැවී ලකුණු 35ක් ද ලබා ගත්තා. නායක කේන් විලියම්සන් ලකුණු 28යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාවට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

Michael van Lingen ලකුණු 25ක් හා Zane Green ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ටිම් සව්ති හා ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...