සුපිරි ජයකින් ඉන්දියාව, ඇෆ්ඝනිස්තානයේ හා නවසීලන්තයේ ලකුණු වේගයත් අභිබවා යයි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් රදවා ගනිමින් ස්කොට්ලන්තය සමග පැවැති තරගාවලියේ 37 වන තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ඉන්දියාව අද(5) සමත් වුණා.

මෙම ජයග්‍රහනයත් සමග ඉන්දීය කණ්ඩායම (+1.619), ඇෆ්ඝනිස්තානයේ (+1.481) හා නවසීලන්තයේ (+1.277)දළ ලකුණු ලබා ගැනීමේ වේගය ද අභිබවා ගොස් දෙවැනි කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය ද දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

නවසීලන්තය ප්‍රසාද ලකුණු 6කට හිමිකම් කියන බැවින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා. ඉන්දියාවට හිමිව ඇත්තේ ප්‍රසාද ලකුණු 4ක් පමණයි.

ඩුබායිහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ස්කොට්ලන්තය පන්දුවාර 17.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 85ක් පමණයි.

ජෝර්ජ් මන්සේ ලකුණු 24ක් හා Michael Leask ලකුණු 21ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා හා මොහොමඩ් ෂාමි කඩුලු 3 බැගින් දවා ගත් අතර, ජස්ප්‍රිට් බුම්රා කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට ඇෆ්ඝනිස්තානයේ හා නවසීලන්තයේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය පසු කර යාමට නම් සිය ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 7.1ක් තුළ පසු කර යා යුතු වුණා.

ඉන්දීය පිතිකරුවන් සිය ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 6.3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.

කේ.එල් රාහුල් පන්දු 19කින් ලකුණු 50ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 6ක් සමගින්.

රෝහිට් ෂර්මා පන්දු 16කින් ලකුණු 30ක් ලබා ගත්තා.

කෙසේ වෙතත්, ඉන්දියාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා යම් අවස්ථාවක් උදා කර ගැනීමටනම් ඔවුන් ක්‍රීඩා කරන මීළග තරගය ද නැමීබියාවට එරෙහිව ජය ගත යුතු අතර, ඇෆ්ඝනිස්තානය හා නවසීලන්තය අතර පැවැත්වෙන තරගයෙන් නවසීලන්තය පරාජයට පත් වීමට ද සිදු වනවා.

එසේ වුවහොත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ඉදිරියෙන් පසුවන කණ්ඩායමට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව උදා වනු ඇති.

මේ අතර, තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් රවීන්ද්‍ර ජඩේජාගෙන් විමසා සිටියේ නවසීලන්තය හමුවේ ඇෆ්ඝනිස්තානය පරාජයට පත් වුවහොත් කුමක් සිදු කරන්නේ ද යන්න සම්බන්ධයෙනුයි.

ඊට ප්‍රතිචාර දැක් වූ ජඩේජා සදහන් කළේ “අපි බෑග් පැක් කරගෙන පිටත් වෙනවා” යනුවෙනි. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...