මෙන්ඩිස්ගේ වාර්තාව බිද දමමින් වනිදුගෙන් තවත් ලෝක වාර්තාවක්

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එක් තරගාවලියකදී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තම නම ඉදිරියේ සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද(4) සමත් වුණා.

ඒ, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ 35 වැනි තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 2ක් දවා ගැනීමත් සමගයි.

ඒ අනුව වනිදු මෙම තරගාවලියේ දී තරග 8කදී බිද හෙලා ඇති කඩුලු ගණන 16ක්.

මීට පෙර අජන්ත මෙන්ඩිස් විසින් 2012 වසරේ පැවැති ලෝක කුසලාන 20යි 20 තරගාවලියේ දී කඩුලු 15ක් දවා ගනිමින් 20යි 20 ලෝක කුසලාන තරගාවලියකදී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු ප්‍රමාණයේ වාර්තාවට හිමිකම් කියනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...