කොදෙව්වන් තරගාවලියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහනයකින් නිමා කිරීමට ශ්‍රී ලංකාව අද(4) සමත් වුණා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගාවලියේ 35 වන තරගයෙන් ලකුණු 20ක ජයක් වාර්තා කරමින්.

අබුඩාබි හී දී පැැවති මෙම තරගයෙන් කොදෙව්වන් පරාජය වීම හේතුවෙන් ඔවුන්ට ද තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ දී කණ්ඩායමක් වාර්තා කළ තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වුණේ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් දැවී ලකුණු 189ක් ලබා ගනිමින්.

ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 42කට සීමා කරමින් කුසල් ජනිත් ලකුණු 29කට දැවී ගියා.

අනතුරුව පැතුම් නිස්සංක හා චරිත් අසලංක අතරේ දෙවැනි කඩුල්ල සදහා පන්දු 61කින් ලකුණු 91ක සබදතාවයක් ගොඩ නැගුණා.

පැතුම් ලකුණු 51ක් පන්දු 41කින් ලබා ගත් අතර, චරිත් පන්දු 41කින් ලකුණු 68ක් රැස් කළා.

දසුන් ශානක පන්දු 14කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 25ක්.

පන්දු යැවීමේ දී ඇන්ඩ්‍රි රසල් ලකුණු 33කට කඩුලු 2ක් ද, ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 42කට එක් කඩුල්ලක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169ක් පමණයි.

නිකලස් පූරාන් ලකුණු 46යි. හුදෙකලා සටනක නිරත වූ ශිම්රන් හෙට්මයර් පන්දු 54කින් ලකුණු 81ක් ලබා ගත් නමුත්, කොදෙව්වන් ජයග්‍රහනය කරා රැගෙන යාමට තරම් එම ඉනිම ප්‍රමාණවත් වූයේ නැහැ. හෙට්මයර්ගේ ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 8ක් ඇතුළත්.

වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණූ 10 සීමාවට ළගා වීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී වනිදු හසරංග, බිනුර ප්‍රනාන්දු හා චාමික කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ චරිත් අසලංක.

 

View this post on Instagram

 

A post shared by ICC (@icc)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...