පපරේ සංගීතයට ලෝක කුසලානයේ දී පැනවූ තහනම ඉවත් කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සදහා පපරේ සංගීතය යොදා ගැනීමට ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට අවසර ලැබී තිබෙනවා.

මෙතෙක් පැවැති තරග සදහා එම අවසරය ලැබී නොතිබූ අතර, ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකියින් ද දැඩි අපහසුතාවයට පත් වුණා.

පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය සදහා ද ශ්‍රී ලංකා ‍ප්‍රේක්ෂකයින් සංගීත භාණ්ඩ රැගෙන පැමිණ තිබූ නමුත්, එම භාණ්ඩ ක්‍රීඩාංගනය වෙත රැගෙන යාමට අවසර හිමි වූයේ නැහැ.

ඒ අනුව ප්‍රේක්ෂකයින්ට සංගීත උපකරණ ක්‍රීඩාංගනයෙන් පිටත තබා තරගය නැරඹීමටයි සිදු වුණේ.

තරග නැරඹීම සදහා පැමිණීමේ දී සංගීත භාණ්ඩ ද රැගෙන ඒමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රේක්ෂකයින් විසින් ජගත් ක්‍රිකට් කවුන්සලයට ද ලිඛිතව දැනුම් දී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

“ක්‍රීඩාංගනවල පිළිපැදිය යුතු වූ නියමයන් හා කොන්දේසි අනුව සමහර සීමා කිරීම් තිබුණා. සමහර උපකරණවලට අවසර තිබුණේ නැහැ. එම සීමාවන් ඉවත් කිරීමට අපි ක්‍රීඩාංගන සහ අපගේ ආරක්ෂක උපදේශකයින් සමඟ සම්බන්ධ වෙමින් සිටිනවා” 

යනුවෙන් අයි.සී.සී ප්‍රකාශකයෙකු thenationalnews.com වෙබ් අඩවියට සදහන් කළා.

ඒ අනුව අද පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගයේ සිට පපරේ සංගීතය ද ශ්‍රී ලංකා තරගවලදී ඇසෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...