ස්ටාක්ගේ ආබාධයේ අලුත්ම තත්ත්වය හා අද ක්‍රීඩා කළ හැකි ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්න

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ සුපිරි 12 වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ප්‍රබල අභියෝගයකට අද (28) රාත්‍රියේ දී මුහුණ දීමට නියමිතයි.

එහිදී ශ්‍රී ලංකාව සමගින් ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී රාත්‍රී 7.30 ට තරඟ වදිනු ඇති.

මෙතෙක් තරගාවලියේ මුහුණ දුන් තරග සියල්ලම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසික මට්ටමක පසු වුවද, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ලෝක මට්ටමේ ක්‍රීඩකයන්ගෙන් එල්ල විය හැකි අභියෝගය සුලුපටු නැහැ.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද පෙරලා සාර්ථක ප්‍රතිචාරයක් ඔවුන්ට දක්වනු ඇති බවට මෙරට ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු සහගතව බලා සිටිනවා.

ඕස්ට්‍රේලියානු කඳවුර දෙසින් ලැබෙන වාර්තා අනුව පාදයක ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්ගේ ආබාධ තත්ත්වය එතරම් බරපතල නොවන බව සදහන්.

පසුගිය අගහරුවාදා පුහුණුවීම් අතරතුර දී පන්දුවක් පාදයක වැදීමෙන් ඔහු එම ආබාධයට ලක් වූ නමුත්, ඊයේ පැවැති පුහුණුවීම් සදහා ද මිචෙල් ස්ටක් සහභාගී වී තිබෙනවා.

තවදුරටත් ඔහු වෛද්‍ය කාර්යය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පසුවන බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේ.

ස්ටක්ට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත්, ඔහු වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක කේන් රිචර්ඩ්සන් හෝ දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ආදේශ කිරීමට වැඩි ඉඩක් පවතිනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේදී මුණගැසීමට ඉඩ ඇති ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙසේයි –

01. ආරෝන් ෆින්ච් (c) , 02. ඩේවිඩ් වෝනර්, 03. මිචෙල් මාෂ්, 04. ස්ටීවන් ස්මිත්, 05. ග්ලේන් මැක්ස්වෙල්, 06. මාර්කස් ස්ටොයිනිස්, 07. මැතිව් වේඩ් (wk), 08. පැට් කමින්ස්, 09. මිචෙල් ස්ටර්ක්, 10. ඇඩම් සම්පා, 11. ජෝෂ් හේසල්වුඩ්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...