ඩී කොක් සමාව ගනියි ; දණ නමන්නත් එකග වෙයි

Date:

දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් සිය කණ්ඩායමේ සාමාජිකයින්ගෙන් හා ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ, වර්ගවාදයට එරෙහිව දණ නැමීම ප්‍රතික්ෂේප කරමින් මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණය වෙනුවෙන්.

ඒ අනුව ඉදිරියේ දී තමා වර්ගවාදයට එරෙහිව දණ නැමීමට ද සූදානම් බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

වර්ගවාදයට එරෙහි වන බවට දණ නමා සිදු කරන අභිනය සියලු ක්‍රීඩකයින් විසින් තරග ආරම්භයට පෙර සිදු කළ යුතු බවට එරට ක්‍රිකට් ආයතනය පසුගියදා නියෝගයක් සිදු කර තිබුණා.

කෙසේ වෙතත්, එය ප්‍රතික්ෂේප කරමින් ඩී කොක් කොදෙව්වන්ට එරෙහි තරගයට ක්‍රීඩා කිරීමෙන් ද ඉවත් වුණා.

කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් ලබා දෙන වාර්තාව මත පදනම්ව සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය පසුව නිවේදනය කළේ.

ඒ අනුව ඩී කොක්ගේ අනාගත ක්‍රීඩා දිවිය දැඩි අර්බුදයකට ලක්ව තිබූ අතර, ඔහුට යළි කිසි දිනක දකුණු අප්‍රිකාව නියෝජනය කිරීමට නොහැකි වනු ඇති බවටයි වාර්තා පල වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...