කොදෙව් ලෝක කුසලාන සංචිතයට තවත් වෙනසක්

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට තවත් වෙනසක් සිදු කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ, වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඔබෙඩ් මැකෝයි ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට කොදෙව් සංචිතයට හිටපු නායක ජේසන් හෝල්ඩර් කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

කොදෙව්වන් මෙවර තරගාවලිය යටතේ එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කළ පළමු තරගය සදහා මැකෝයි ක්‍රීඩා කළ නමුත්, මේ වන විට ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත්තේ දකුණු පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

අයි.සී.සී තරගාවලි තාක්ෂණික කමිටුව විසින් සංචිතයට සිදු කෙරුණු නව සංශෙෘ්දනයට අනුමැතිය ලබා දී තිබෙනවා.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ෆේබියන් ඇලන්ට ද මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුණා.

වළලුකර ආබාධයක් හේතුවෙන් ඔහුව කොදෙව් සංචිතයෙන් ඉවත් කෙරුණු අතර, ඇලන් වෙනුවට අකීල් හුසෙයින් (Akeal Hosein) 20යි 20 ලෝක කුසලාන සංචිතයට කැදවීමටයි කොදෙව් තේරීම් කමිටුව පියවර ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...