සුපිරි 12 වටය අභියස දී කොදෙව් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා තරගාවලියෙන් ඉවතට

Date:

බටහිර ඉන්දීය කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ෆේබියන් ඇලන්ට මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

වළලුකර ආබාධයක් හේතුවෙන් ඔහුව කොදෙව් සංචිතයෙන් ඉවත් කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය(අයි.සී.සී) නිවේදනය කළේ.

ඒ අනුව ඇලන් වෙනුවට අකීල් හුසෙයින්(Akeal Hosein) 20යි 20 ලෝක කුසලාන සංචිතයට කැදවීමට කොදෙව් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ සඳහා තරගාවලි තාක්ෂණික කමිටුවේ අනුමැතිය ද ලබා දී ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

හුසේන් මේ දක්වා කොදෙව් සංචිතයේ අතිරේක ක්‍රීඩකයෙකු ලෙස රැදී සිටියා.

ඔහු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් ප්‍රධාන සංචිතයට නම් කිරීමත් සමග කොදෙව් ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ Gudakesh Motie අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම් කිරීමටයි.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ දී පළමු කාණ්ඩයෙන් තරග වදින කොදෙව් කණ්ඩායම එහිදී ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා දකුණු අප්‍රිකාව සමගින් මෙන්ම, A ඛාණ්ඩයේ පෙරමුණ ගන්නා කණ්ඩායම හා B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා කණ්ඩායම සමගින් ද තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...