ජැෆ්නා කිංග්ස් රදවා ගත් ක්‍රීඩකයින් නිවේදනය කරයි; චරිත් ඇතුළු ප්‍රබලයින් රැසක් නිදහස් කෙරේ

Date:

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් මෙවර ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් රදවා ගන්නා දේශීය ක්‍රීඩකයින් සිව් දෙනා අද(28) නිවේදනය කළා.

මීට පෙර ඔවුන් සදහන් කළේ ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමේ නායකයා වූ තිසර පෙරේරා මෙවර තරගාවලියේ දී කිංග්ස් කණ්ඩායමේ ද නායකයා ලෙස කටයුතු කරන බවයි.

ඒ අනුව ඔහු හැරුණු විට කණ්ඩාමේ රදවා ගන්නා සෙසු ක්‍රීඩකයින් තිදෙනා වන්නේ 20යි 20 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර අංක දෙකේ රැදී සිටින වනිදු හසරංග, ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හා යොවුන් දග පන්දු යවන ක්‍රීඩක මශීෂ් තීක්ෂණ යන ක්‍රීඩකයින්.

ධනංජය ද සිල්වා, චරිත් අසලංක, මිනෝද් භානුක, සුරංග ලක්මාල්, චතුරංග ද සිල්වා, බිනුර ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත් යන ක්‍රීඩකයින් කණ්ඩායමෙන් නිදහස් කරනු ඇති.

ඔවුන්ට එළඹෙන ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව (Draft) සදහා ඉදිරිපත් වීමට සිදු වනවා.

ලංකා ප්‍රිමියර් ලීග් නීති ප්‍රකාරව එක් කණ්ඩායමකට පසුගිය වසරේ තරගාවලියට එක් වූ ක්‍රීඩකයින් අතරින් මෙවර තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට පෙර රදවා ගත හැකි වන්නේ දේශීය ක්‍රීඩකයින් සිව් දෙනෙකු පමණයි.

මේ අතර, දකුණු අප්‍රිකානු පිතිකරු ෆෆ් ඩු ප්ලෙසිස් හා පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් ද ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමග පසුගියදා ගිවිසුම් ගත වුණේ LPL තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන්.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර ලබන දෙසැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා කොළඹ දී හා හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...