තීක්ෂණ ඔස්ට්‍රේලියා තරගයට සූදානම් : මිකී ආතර්

Date:

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මශීෂ් තීක්ෂණ මේ වන විට සුවය ලබා සිටින බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ඒ අනුව 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට(28) ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් සිටින බවයි අද(27) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු සදහන් කළේ.

නෙදර්ලන්තය සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙන් මහීෂ් තීක්ෂණ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

මෙවර තරගාවලියේ 22 වන තරගය ලෙසින් ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය හෙට මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...