එංගලන්තය පිට පිට දෙවැනි ජය ලබද්දී බංග්ලාදේශයට පිට පිට පරාජයන් දෙකක්

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කරමින් පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් තහවුරු කර ගැනීමට එංගලන්තය අද(27) සමත් වුණා.

අබුඩාබි හි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ බංග්ලාදේශ කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, ඉනිම ආරම්භයේ සිටම ඔවුන්ට දැඩි තර්ජනයක් එල්ල කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

එහි ප්‍රතිපලය වශයෙන් බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 124ක් පමණයි.

ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 14 දී බිද වැටුණේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ලිටොන් දාස් හා මොහොමඩ් නයීම් පිළිවෙලින් ලකුණු 9කට හා 5කට පිට පිට පන්දු දෙකකදී දවා ගැනීමට මොයීන් අලී සමත් වීමත් සමගයි. අනතුරුව ශකිබ් අල් හසාන් ලකුණු 4කට දැවී ගියා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 29ක් ලබා ගත් අතර, නායක මහ්මුදුල්ලාහ් හා නසුම් අහ්මඩ් (නොදැවී) ලකුණු 19 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී Tymal Mills කඩුලු 3ක් බිද හෙලූ අතර, මොයීන් අලී හා ලියම් ලිවින්ග්ස්ටන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 14.1 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජේසන් රෝයි පන්දු 38කින් වේගවත් ලකුණු 61ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමගින්.

ඩාවිඩ් මලාන් නොදැවී ලකුණු 28යි.

පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් හා නසුම් අහ්මඩ් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව මේ වන විට එංගලන්තය මෙවර තරගාවලියේ සුපිරි 12 වටයේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම ජය ගෙන ඇති අතර, බංග්ලාදේශය ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව තිබෙනවා.

මෙය එංගලන්තය හා බංග්ලාදේශය 20යි 20 ජාත්‍යන්තර තරගයක දී එකිනෙකා මුණ ගැසුණු පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...