ඔහුව ලෝක කුසලානයෙන් ඉවත් කිරීම ඉතාමත් අපහසු කරුණක් වුණා : විරාට් කෝලි

Date:

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය නිල සංචිතය නම් කිරීමත් සමග ප්‍රේක්ෂකයන් පුදුමයට පත්වන තීරණ කිහිපයක් එහි දක්නට ලැබුණා.

විශේෂයෙන්ම ඉන්දියාව වෙනුවෙන් වැඩිම විස්සයි විස්ස කඩුලු ලාභීයා වන පා දඟ පන්දු යවන ක්‍රීඩක යුෂ්වේන්ද්‍ර චෙහෙල් හට එම සංචිතයේ ඉඩක් නොතිබීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් කරුණක් වුණා.

සංචිතයට අමතරව නම් කළ අතිරේක ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවට සහ කණ්ඩායමත් සමග රැඳී සිටින දැල් පන්දු යවන්නන්ගේ ලැයිස්තුව තුළවත් ඔහුට ස්ථානයක් හිමිවුණේ නැහෑ.

ඔහු වෙනුවට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් කලක සිට ක්‍රීඩා කරන පා දඟ පන්දු යවන ක්‍රීඩක රාහුල් චහාර්ව නම් කිරීමටයි තේරීම් කමිටුව තීරණය කළේ.

ඊයේ දිනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වත්මන් ඉන්දීය කණ්ඩායමේ නායක විරාට් කෝලි විසින් මෙම තීරණය පිළිබඳ අදහස් දක්වා තිබුණා.

“ඇත්තටම එය අපහසු තීරණයක් වුණා. නමුත් අපි තීරණය කළා මේ මොහොතේදී රාහුල් චහාර්ව රඳවාගන්න.” යනුවෙන් කෝලි කියා සිටියා.

“අවසන් වසර ද්විත්වය තුළ ඔහු අපූර්ව ආකාරයෙන් ඉන්දය ප්‍රිමියර් ලීගයේදී පන්දු යැවීමේ නිරත වුණා. ඔහුට හොඳ වේගයක් තියෙනවා. ශ්‍රී ලංකා සංචාරයේදි මෙන්ම එංගලන්තයට එරෙහිව ඉන්දියාවේදි ක්‍රීඩා කළ තරගාවලියෙත් ඔහු හොඳින් පන්දු යැව්වා. අපහසු පන්දුවාරවලයි ඔහු වැඩිපුර පන්දු යැවුවේ.”

පන්දුව ගුවනේ මුසු කිරීමට සාපේක්ෂව වැඩි වේගයක් සහිතව පන්දුව යොමු කිරීමේ ඇති වැදගත්කම විරාට් කෝලි මෙහිදී පෙන්වා දුන් කරුණක්.

“අපි විශ්වාස කරනවා මේ තරගාවලියේදි කඩුල්ල එන්න එන්නම මන්දගාමී වේවී කියලා. ඉතින් පන්දුව වැඩිපුර ගුවනේ මුසුකරන පන්දු යවන්නෙකු සමග සසඳනකොට පන්දුව වඩාත් වේගයෙන් යොමු කරන පන්දු යන්නෙකුට මෙහිදි වැඩිපුර පිතිකරුවන්ව අපහසුතාවයට පත්කරන්න පුලුවන් වේවී. ස්වභාවික පා දඟ පන්දු යන්නෙකු විදිහට රාහුල්ට ඒ හැකියාව පිහිටලා තියෙනවා. ඔහු සැමවිටම උත්සාහ කරන්නේ පිතිකරුවන්ට තර්ජනාත්මක පන්දු යොමු කරන්න. ඇත්තට ඒක තමයි ඔහුව අපි කැඳවීමට හේතුව වුණේ. ලෝක කුසලානයේදී තීරණ පරිස්සම් සහගතව අරගන්න අවශ්‍යයි. ඔබට සැමකෙනෙකුවම සංචිතයට රැගෙන එන්න බැහෑ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...