මාලිංගගේ ලෝක වාර්තාව බිද දමමින් ශකිබ් පෙරමුණට

Date:

පන්දුවාර විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වීමට බංගලාදේශයේ ශකිබ් අල් හසාන් අද(17) සමත් වුණා.

ඒ, මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේදී යි.

ස්කොට්ලන්තය සහ බංග්ලාදේශය අතර මෙම තරගය පැවැත්වෙන්නේ ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේදීයි.

තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ස්කොට්ලන්ත කණ්ඩායමේ කඩුලු 2ක් ලකුණු 17කට දවා ගැනීමට ශකිබ් මෙම තරගයේ දී සමත් වුණා.

ඒ අනුව මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග 89කදී ඔහු දවා ගෙන ඇති සමස්ත කඩුලු ගණන 108ක්.

කඩුලු 107කට (තරග 84කදී) උරුමකම් කියන ලසිත් මාලිංග 20යි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා ලෙස මෙතෙක් වාර්තා අතරට එක්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...