ලෝක කුසලානයේ පළමු තරගයෙන් ඕමානයට කඩුලු 10ක පහසු ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද(17) පැවැති පළමු තරගයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට සත්කාරක ඕමානය සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ පැපුවා නිව් ගිනියා කණ්ඩායමයි.

ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඕමානය පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පැපුවා නිව් ගිනියාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 129ක් රැස් කළා.

නායක අසාද් වලා ලකුණු 56ක් ලබා ගත් අතර, චර්ලස් අමිනි ලකුණු 37යි.

Zeeshan Maqsood ලකුණු 20කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕමානය පන්දුවාර 13.4ක් තුළ කඩුලු කිසිවක් නොදැවී ජයග්‍රහනය වාර්තා කළා.

Jatinder Singh නොදැවී ලකුණු 73ක් වාර්තා කළේ පන්දු 42කින්. ඒ, හයේ පහර 4ක් හා හතරේ පහර 7ක් සමගින්.

Aqib Ilyas නොදැවී ලකුණූ 50යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...