LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 677ක් ලියාපදිංචි වෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු (Draft) ලබන 29 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

පසුගිය 7 වනදා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු ද අවසන් කෙරුණු අතර, ඒ අනුව විදෙස් ක්‍රීඩකයින් 677 දෙනෙකු තරගාවලිය සඳහා ලියාපදිංචි වී ඇති බව සදහන්.

ලියාපදිංචි වූ ක්‍රීඩකයින් සුදුසුකම් මත පදනම්ව එල්.පී.එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) අවස්ථාවට ඉදිරිපත් කරනු ඇති.

ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීඩකයින් අතරට ඇන්ඩ්‍රි රසල්, ක්‍රිස් ගේල්, ඩාවිඩ් මලාන්, ෂහිඩ් අෆ්රීඩි, ෂොයිබ් මලික්, ෆෆ් ඩු ප්ලෙසිස් වැනි ක්‍රීඩකයින් ඇතුළත් බවයි වාර්තා වන්නේ.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...