දෙවැනි 20යි 20 තරගයෙනුත් කුසල් විවේක ගන්වන ලකුණු

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවැනි 20යි 20 තරගය අද(9) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා ඕමානය අතර පළමු තරගයෙන් ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග දෙකකින් යුත් 20යි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ 1-0ක් ලෙසයි.

පසුගියදා පැවැති 20යි 20 තරගයේ දී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක් වූ නුවන් ප්‍රදීප් අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඇතැම් විට ඔහුට 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

ආබාධයකට ලක්ව සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා පළමු 20යි 20 තරගයට ද ක්‍රීඩා නොකළ අතර, ඔහු අද පැවැත්වෙන දෙවැනි තරගයෙන් ද විවේක ගැන්වීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...