IPL අවසන් වටයේ තරග කාලසටහන මෙන්න

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ(Playoffs) තරග හෙට(10) සිට ආරම්භ වනවා.

ප්‍රසාද ලකුණූ සටහනේ පළමු ස්ථාන 4 හිමි කර ගත් කණ්ඩායම්, අවසන් වටයේ ස්ථාන හිමි කර ගත් අතර, ඒ අනුව දිල්ලි කැපිටල්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් අවසන් වටයේ දී තරග වැදීමට නියමිතයි.

අවසන් වටයේ පළමු තරගය (Qualifier 1) පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන දිල්ලි කණ්ඩායම හා දෙවැනි ස්ථානයේ පසුවන චෙන්නායි කණ්ඩායම අතරයි.

එම තරගය හෙට මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි හී දී ආරම්භ වීමට නියමිතයි. ඉන් ජය ගන්නා කණ්ඩායම අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

අවසන් වටයේ දෙවැනි තරගය (Eliminator) එළඹෙන 11 වනදා සාජා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන්නේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතරයි.

අනතුරුව අවසන් වටයේ පළමු තරගයෙන් පරාජයට පත් වූ කණ්ඩායම හා අවසන් වටයේ දෙවැනි තරගයෙන් ජය ගත් කණ්ඩායම අවසන් වටයේ තෙවැනි තරගය (Qualifier 2) සදහා සුදුසුකම් ලබනු ඇති.

එම තරගය ලබන 13 වනදා සාජා ක්‍රීඩාංගනයේ දී ම පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය ලබන 15 වනදා ඩුබායිහී දී පැවැත්වෙන අතර, එහිදී අවසන් වටයේ පළමු තරගයෙන් ජය ගත් කණ්ඩායමට එරෙහිව තරග වදින්නේ අවසන් වටයේ තෙවැනි තරගයෙන් ජය ගන්නා කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...