බිනුර ප්‍රනාන්දු ගුවනේ පාවී රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවැනි 20යි 20 තරගයේ දී සුපිරි උඩ පන්දු රැක ගැනීමක් ප්‍රදර්ශනය කිරීමට බිනුර ප්‍රනාන්දු සමත් වුණා.

ඒ, නායක සීෂන් මක්සූද්ගේ කඩුල්ල දවා ගැනීම වෙනුවෙනුයි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට ඕමානයට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඕමාන කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 15 දී ද, දෙවැනි කඩුල්ල ලකුණු 36දී ද දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

තෙවැනි කඩුල්ල ලෙස සීෂන් මක්සූද් දැවී ගියේ මුලු ලකුණු සංඛ්‍යාව 75ක්ව තිබියදීයි.

ඒ වන විට ඔහු හයේ පහර 2ක් සමගින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 16(8)ක්.

මහීෂ් තීක්ෂණ යොමු කළ පන්දුවක් හමුවේ ඔහු දැවී ගියේ බිනුර ප්‍රනාන්දු ගුවනේ පාවී රැක ගත් සුපිරි උඩ පන්දුව හේතුවෙනුයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමානය සිය ඉනිම නිමා කළේ පන්දුවාර 20 තුළ දී කඩුලු 8ක් දැවී ලකුණු 159ක් ලබා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...