ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට අමතර ක්‍රීඩකයින් පස් දෙනෙකු නම් කෙරේ

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තවත් අමතර ක්‍රීඩකයින් 5 දෙනෙකු නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට මේ වන විට ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත්.

මීට පෙර ශ්‍රී ලංකා ප්‍රධාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු නම් කළ අතර, තවත් අතිරේක ක්‍රීඩකයින් සිව් දෙනෙකු ද නම් කෙරුණා.

නමුත්, ප්‍රධාන සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව මේ වන විට අහිමි වී තිබෙනවා.

සංචිතය සදහා අද(1) නම් කෙරුණු අමතර ක්‍රීඩකයින් වන්නේ පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සහ රමේෂ් මෙන්ඩිස් යන ක්‍රීඩකයින්.

හදිසි ආබාධයක් හෝ අවශ්‍යතාවයක් ඇති වුවහොත් විකල්පයක් ලෙසින් අමතර ක්‍රීඩකයින් පස් දෙනෙකු සංචිතයේ රඳවා ගැනීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර තිබුණා.

ඒ අනුවයි අදාළ ක්‍රීඩකයින් ලෝක කුසලාන තරගාවලියට රැගෙන යෑම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස කටයුතු යොදා ඇත්තේ.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ආරම්භ වීමට නියමිතයි.

අනිද්දා (03) ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානය බලා පිටත්ව යාමට නියමිතව ඇති අතර, ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව 20යි 20 තරග 2 කට ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියට නම් කළ ප්‍රධාන සංචිතය : දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, මහීෂ් තීක්ෂණ

සංචිතයට ඇතුළත් අතිරේක ක්‍රීඩකයින් : ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග.

අමතර ක්‍රීඩකයින් : මිනෝද් භානුක, පැතුම් නිස්සංක, අෂේන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන්, රමේෂ් මෙන්ඩිස්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...