සංගාගේ ධූර කාලය නිම වෙයි; ඉතිහාසය වෙනස් කරමින් නව සභාපතිනිය වැඩ භාර ගනියි

Date:

එංගලන්තයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ(MCC) නව සභාපතිනිය ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකාවක වන Clare Connor අද(1) වැඩ භාර ගත්තා.

ඒ, මෙතෙක් එම ධූරයේ කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාරගේ ධූර කාලය ඊයේ(30) දිනයෙන් අවසන් වීමත් සමගයි.

වසර 234ක් පැරැණි මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිධූරයට පත් වූ පළමු කාන්තාව Clare Connor වීම විශේෂත්වයක්.

කුමාර් සංගක්කාරගේ වසරක ධූර කාලය පසුගිය වසරේ ඔක්තෝම්බර් පළමු වැනිදා වන විට අවසන් වීමට නියමිතව තිබුණ ද, කොරෝනා වසංගත අර්බුදයෙන් සිදු වූ බලපෑම සැලකිල්ලට ගනිමින් ඔහුට තවත් වසරක ධූර කාල දිගුවක් ලබා දුන්නා.

ඒ අනුව සංගක්කාර මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ලෙස අඛණ්ඩව වසරක ධූර කාල දෙකක් කටයුතු කළා.

කුමාර් සංගක්කාර යනු එම් සී සී සභාපති ධූරයට පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන ලොව පළමු පුද්ගලයායි.

මේ අතර, තමන්ට දැක් වූ සහාය වෙනුවෙන්, ධූර කාලය නිමාවට පත්වීමෙන් පසුව කුමාර් සංගක්කාර විසින් මාරිලිබෝන් ක්‍රිකට් සමාජයට සිය ස්තූතිය පල කරමින් ට්විටර් පිණිවිඩයක් නිකුත් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් සංගක්කාරට ස්තූතිය පල කිරීමට ද මාරිලිබෝන් ක්‍රිකට් සමාජය අමතක කර තිබුණේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...