මන්ධනාගෙන් වාර්තාගත ශතකයක්, විනිසුරු තීරණය නොසලකා පූනම් පිටියෙන් ඉවතට

Date:

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම අතර ගෝල්ඩ් කෝස්ට් හි Carrara හී දී පැවැත්වෙන දිවා රාත්‍රී ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(1) නිමා වුණා.

වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී පන්දුවාර 44.1ක් පමණක් ක්‍රියාත්මක කෙරුණු අතර, අද දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 57.4ක් පමණයි.

අද දිනය නිමා වන විට කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 276ක් ලබා සිටියා.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකාරිණිය වන ස්ම්රිටි මන්ධනා සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළේ රෝස පන්දු තරගයකදී (ටෙස්ට්) ඉන්දියාව වෙනුවෙන් ශතකයක් වාර්තා කළ ඉතිහාසයේ පළමු ක්‍රීඩිකාව ලෙස වාර්තා අතරට වෙමින්.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම තරග රටාවේ දී (ටෙස්ට්) ඔස්ට්‍රේලියාව තුළ ශතකයක් වාර්තා කළ පළමු ඉන්දීය පිතිකාරිණිය වන්නේ ද ඇයයි.

මන්ධනා පන්දු 216කින් ලකුණු 127ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 22ක් සමගින්.

පූනම් රවුට් ලකුණු 36ක් ලබා සිටියදී දැවී ගියේ කඩුලු රකින්නිය වෙත උඩ පන්දුවක් ලබා දෙමින්. කෙසේ වෙතත්, එය දැවී යාමක් ලෙස විනිසුරුවන් විසින් ප්‍රකාශ නොකළ පසුබිමක ඇය විසින්ම තමා දැවී ගිය අයෙකු ලෙස සලකා පිටියෙන් ඉවත් වූයේ ක්‍රීඩාවේ ජීව ගුණයට සුවිශේෂී ආදර්ශයක් ලබා දෙමින්. (දර්ශන පහතින්)

ශෆාලි වෙර්මා ලකුණු 31ක් රැස් කළ අතර, නායිකා මිතාලි රාජ් ලකුණු 30කට දුවද්දී දැවී ගියා.

පන්දු යැවීමේ දී Sophie Molineux කඩුලු 2ක්ද, Ellyse Perry හා Ashleigh Gardner එක් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...