ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වරට පාකිස්තාන සංචාරයක

Date:

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම මාසයේ දී පාකිස්තාන තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

එහිදී පාකිස්තාන කාන්තා කණ්ඩායම සමග තරග 3කින් යුත් එක්දින තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

මෙය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලියක් සදහා පාකිස්තාන තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව ලෙසයි ඉතිහාසගත වන්නේ.

1998 වසරේ සිට ශ්‍රී ලංකා – පාකිස්තාන කාන්තා කණ්ඩායම් අතර තරගාවලි පවත්වා ඇතත්, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ද්විපාර්ශ්වික තරගාවලියක් සදහා මෙතෙක් පාකිස්තාන සංචාරයක නිරත වී නැහැ.

කෙසේ වෙතත්, 2005/06 තරග වාරයේ දී ආසියානු කුසලාන කාන්තා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව එරට සංචාරයක නිරත වී තිබුණා.

ඔක්තෝබර් 15 වනදා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි Daily FT වාර්තා කර ඇත්තේ.

අනතුරුව දින 7ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නිරෝධායනයට ද ලක්වීමට නියමිත බව සදහන්.

2022 කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඒ සදහා සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් 3 තෝරා ගැනීමේ අරමුණින් පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා සිම්බාබ්වේහී දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව පාකිස්තාන සංචාරය නිමා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිම්බාබ්වේ දේශය බලා පිටත්ව යාමට  නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...