ජෝ රූට් මෙහෙ ආවත් නැතත් අලුබදුන තියෙනවාම තමයි : ටිම් පේන්

Date:

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් පනවා ඇති විවිධ සීමා නිසා අර්බුදයට තුඩු දී ඇති මෙවර අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නියමිත පරිදි පැවැත්වෙන බව ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් නායක ටිම් පේන් පවසනවා.

ජෝ රූට් ඇතුළු ඇතැම් එංගලන්ත ක්‍රීඩකයින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට මේ වන විට අකමැත්තෙන් පසුවන්නේ ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමේ දුෂ්කරතා පදනම් කර ගනිමින්.

පවුලේ සාමාජිකයින්ට ඔස්ට්‍රේලියාවට පැමිණිමට අවසර ලබා නොදෙන්නේනම් ඇතැම් ක්‍රීඩකයින් අලුබදුන තරගාවලියෙන් ඉවත් වීමට ද මේ වන විට අවධානය යොමු කර තිබෙනවා.

“අලුබදුන තියෙනවා. පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 8, ජෝ (රූට්) මෙහෙ හිටියත් නැතත්” යනුවෙන් ටිම් පේන් කියා සිටියා.

ඒ, ඔස්ට්‍රේලියාවේ SEN Hobart ගුවන් විදුලිය වෙත අදහස් දක්වමින්.

“කිසිම එංගලන්ත ක්‍රීඩකයෙකුට පැමිණෙන ලෙස කිසිවෙකු බල කරන්නේ නැහැ. අප ජීවත් වන ලෝකයේ සුන්දරත්වය එයයි. ඔබට තේරීමක් තියෙනවා. ඔයාට එන්න ඕන නැත්නම්, එන්න එපා.”

කොවිඩ් 19 සම්බන්ධයෙන් දැඩි මාර්ගෝපදේශ පනවා ඇති රටක් ලෙසයි ඔස්ට්‍රේලියාව සැලකෙන්නේ.

ටෙස්ට් තරග 5 ප්‍රාන්ත 5ක පැවැත්වීමට නියමිතව ඇති බැවින් තත්ත්වය තවදුරටත් සංකීර්ණ වී ඇත්තේ එම ප්‍රාන්ත විසින් විවිධ නීති රීති කොවිඩ් 19 සම්බන්ධයෙන් පනවා තිබීම හේතුවෙන්.

“එය කුමන ආකාරයක් ගනීවි දැයි දැන ගන්නා තුරු තීරණයක් ගැනීම ඉතා අපහසුයි” යනුවෙන් එංගලන්ත නායක ජෝ රූට් පසුගියදා සදහන් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...