ක්‍රිස් ගේල් IPL ජෛව බුබුලෙන් ඉවත් වෙයි

Date:

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ජෛව ආරක්ෂිත බුබුලක රැදී සිටීමේ දුෂ්කරතා හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි පංජාබ් කිංග්ස් කණ්ඩායම නිවේදනය කළේ.

පසුගිය මාස කිහිපයේ දී ම ජෛව ආරක්ෂිත බුබුලු තුළ රැදී සිටීමත්, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමිනුත් ඔහු මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

“පසුගිය මාස කිහිපයේ දී ම මම කොදෙව් ජෛව ආරක්ෂිත බුබුලේ, සී.පී.එල් බුබුලේ රැදී සිටියා, දැන් මම අයි.පී.එල් බුබුලේ රැදී සිටිනවා.” යනුවෙන් ගේල් සදහන් කළා.

“මම කැමතියි මාව මානසිකව යළි ප්‍රබෝධමත් කර ගන්න. මට අවශ්‍යයි කොදෙව් කණ්ඩායමට සහය වීම පිළිබද නැවත අවධානය යොමු කරන්න 20යි 20 ලෝක කුසලානය සදහා. මම කැමතියි විවේකයක් ගන්න ඩුබායිවලින්.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...