දෝනිගේ දැවැන්ත හයේ පහරත් සමග චෙන්නායි පිල අවසන් වටයට; හයිදරාබාද් ඉවතට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට (Playoffs) සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් අත්හැර දැමීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට අද(30) සිදු වුණා.

ඒ, තරගාවලියේ 44 වන තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම හමුවේ ඔවුන්ට කඩුලු 6ක පරාජයක් අත් වීම හේතුවෙන්.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තවදුරටත් රැක ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වූයේ අවසන් වටයේ ස්ථානයක් ද තහවුරු කර ගනිමින්.

  • කාසියේ වාසිය හා කණ්ඩායම් දෙක –

සාජාහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි නායක එම්.එස් දෝනි පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

Chennai Super Kings XI: F du Plessis, R Gaikwad, M Ali, A Rayudu, S Raina, MS Dhoni, R Jadeja, DJ Bravo, S Thakur, D Chahar, J Hazlewood

Sunrisers Hyderabad XI: J Roy, W Saha, K Williamson, P Garg, A Sharma, J Holder, A Samad, R Khan, B Kumar, S Sharma, S Kaul

  • SRH 134/7 (20)

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් පිලට කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 134ක් පමණයි. ආරම්භක කඩුල්ල සදහා ජේසන් රෝයි හා ව්රිධිමන් සහා අතර ගොඩ නැගුණු සබදතාවය ලකුණු 23ක්. පසුගිය තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කළ රෝයි මෙම තරගයේ දී ලකුණු දෙකකට දැවී ගියා. ව්රිධිමන් සහා ලකුණු 44(46)යි.

කණ්ඩායමේ වෙනත් කිසිදු පිතිකරුවෙකුට දිගු ඉනිමක් කරා යාමට චෙන්නායි පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. නායක කේන් විලියම්සන් ලකුණු 11කට දැවී ගිය අතර, අභිෂෙක් ෂර්මා හා අබ්දුල් සමාද් ලකුණු 18 බැගින් ලබා ගත්තා.

ජේසන් හෝල්ඩර් ලකුණු 5කට දැවී ගියා. රෂීඩ් ඛාන් නොදැවී ලකුණු 17යි.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් ලකුණු 24කට කඩුලු 3ක් ද, ඩ්වේයන් බ්‍රාවෝ ලකුණු 17කට කඩුලු 2ක් ද බිද හෙලුවා.

  • CSK 139/4 (19.4)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ මහේන්ද්‍ර සිං දෝනි එල්ල කළ දැවැන්ත හයේ පහරක් සමගින්.

ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට රුටුරාජ් ගයික්වඩ් හා ෆෆ් ඩු ප්ලෙසිස් සමත් වුණේ පන්දුවාර 10.1ක් තුළ ලකුණු 75ක් පළමු කඩුල්ලට එක් කරමින්.

ගයික්වඩ් ලකුණු 45(38)යි.  මොයීන් අලී ලකුණු 17කටත්, ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 41කටත් දැවී ගියා. සුරේෂ් රයිනා රැස් කළේ ලකුණු 2ක් පමණයි.

චෙන්නායි පිල ජයග්‍රහනය කරා රැගෙන ගිය අම්බටි රයිදු හා නායක මහේන්ද්‍ර සිං දෝනි පිළිවෙලින් නොදැවී ලකුණු 17ක් හා 14ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් පන්දුවාර 4ක් තුළ ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...