පරාග්ගේ විශිෂ්ඨ යොමු කිරීම හමුවේ කෝලි දුවද්දි දැවී ගිය හැටි (Video)

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර අද (29) පැවති තරගයේදී විශිෂ්ඨ අන්දමේ පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් විරාට් කෝලිව දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට රාජස්ථාන් කණ්ඩායමේ රියාම් පරාග් සමත් වුණා.

පන්දු 20 කදි හතරේ පහරවල් 4 ක් සමගින් ලකුණු 25 ක් ලබා සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට කෝලි මෙම ඉනිමේ දී සමත් වූ නමුත්, එය දිගු ඉනිමක් කරා ඉදිරියට රැගෙන යාමට හැකියාව ලැබුණේ නැහෑ.

ඉනිමේ 7 වන පන්දුවාරයේ ක්‍රිස් මොරිස් යොමු කළ 5 වන පන්දුවට පොයින්ට් දෙසට පහරක් එල්ල කිරීමට කෝලි සමත් වුණා.

අනතුරුව එක් ලකුණක් ලබා ගැනීමට කෝලි වේගයෙන් කඩුලු අතර දිව ගියත්, පන්දු රකිමින් සිටි රියාම් පරාග් පන්දුව රැගෙන කෙලින්ම කඩුල්ල දෙසට යොමු කළේ විරාට් කෝලිගේ කඩුල්ල සිය කණ්ඩායමට හිමි කර දෙමින්.

ඊට පන්දු දෙකකට පෙර කෝලි ලබා දුන් තරමක අපහසු උඩ පන්දුවක් ද රියාන් පරාග් අතින් ගිලිහී ගොස් තිබූ පසුබිමකයි ඔහු මෙම දුවද්දී දවා ගැනීම සිදු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...