මැදපෙල වගකීම් විරහිත පිතිහරඹය හා මැක්ස්වෙල්ගේ ප්‍රහාරය හමුවේ රාජස්ථානයට තවත් පරාජයක්

Date:

මැදපෙල පිතිකරුවන්ගේ දුර්වල හා වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට අද(29) සිදු වුණා.

ඩුබායිහි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

කණ්ඩායම් දෙක –

Royal Challengers Bangalore XI:

V Kohli, D Padikkal, KS Bharat, G Maxwell, AB de Villiers, S Ahmed, D Christian, G Garton, H Patel, M Siraj, Y Chahal

Rajasthan Royals XI:

E Lewis, Y Jaiswal, S Samson, M Lomror, L Livingstone, R Parag, R Tewatia, C Morris, K Tyagi, C Sakariya, M Rahman

  • RR 149/9 (20)

රාජස්ථාන් ඉනිම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දීමට එවින් ලුවිස් හා යශස්වි ජයිස්වාල් සමත් වුණා. ඒ, පළමු කඩුල්ලට පන්දුවාර 8.2ක් තුළ ලකුණු 77ක් එක් කරමින්. ජයිස්වාල් ලකුණු 31කට දැවී ගිය අතර, එවින් ලුවිස් ලකුණු 58ක් රැස් කළා. පන්දු 37කින් වාර්තා වූ ලුවිස්ගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

රාජස්ථාන් රෝයල්ස් ඉනිමේ බිද වැටීම ඉන් අනතුරුවයි ආරම්භ වුණේ. 3 වන හා 4 වන කඩුලු ලකුණු 113 දී ද , 5 වන කඩුල්ල ලකුණු 117දී ද, 6 වන කඩුල්ල ලකුණු 127දී ද බිද වැටුණේ රාජස්ථාන් මැදපෙල සම්පූර්ණයෙන් අඩපන කරමින්.

එහි ප්‍රතිපලය වූයේ ලකුණු 180ක ලකුණු සංඛයාවකට වුව පහසුවෙන් ළගා වීමේ අවස්ථාවක් පැවැති රාජස්ථාන් ක්‍රීඩකයින්ට සිය ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 149ක් ලබා සිටියදී අවසන් කිරීමට සිදු වීමයි. නායක සංජු සැම්සන් ලකුණු 19කට හා ක්‍රිස් මොරිස් ලකුණු 14කට දැවී ගියා.

පන්දු යැවීමේ දී හර්ෂාල් පටෙල් ලකුණු 34කට කඩුලු 3ක් බිද හෙලුවා.

  • RCB 153/3 (17.1)

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බැංගලෝර් පිතිකරුවන් පන්දුවාර 17.1ක් තුළ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක කඩුල්ලට ලකුණු 48ක සබදතාවයක් ගොඩ නැගීමට විරාට් කේලි හා දෙව්දත් පඩික්කල් සමත් වුණා. පඩික්කල් ලකුණු 22කට දැවී ගියේ මුස්ටර්ෆිසුර් රෙහ්මාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

නායක විරාට් කෝලි ලකුණු 25කට දැවී ගියේ රියාන් පරාග්ගේ සුපිරි පන්දු රැකීමක් හමුවේ දුවද්දී දැවී යාමකට හසු වෙමින්.

අනතුරුව 3 වන කඩුල්ලට ලකුණු 69ක සබදතාවයක් ගොඩ නැගීමට ශ්‍රිකර් භාරත් හා ග්ලේන් මැක්ස්වෙල් සමත් වුණා.

භාරත් ලකුණු 44කට දැවී ගියේ මුස්ටර්ෆිසුර් රෙහ්මාන්ගේ පන්දුවක් හමුවේ මහිපාල් ලොම්රොර් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

මැක්ස්වෙල් නොදැවී ලකුණු 50(30)ක් ලබා ගනිමින් බැංගලෝර් පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...