EPL තරගාවලියේදි ප්‍රසාද්ගෙන් විශිෂ්ඨ පන්දු යැවීමක්; තරංගත් ලකුණු අතරට

Date:

නේපාල ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කර ඇති එවරස්ට් ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2 ක් අද (29) Kirtipur ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.

තරගාවලියේ 7 වන සහ 8 වන තරගයයි මෙලෙස අද පැවැත්වුණේ.

07 වන තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගයේ එක් ඉනිමක් පන්දුවාර 07 කට සීමා කෙරුණා.

කාසියේ වාසිය දිනාගත් Pokhara Rhinos කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Lalitpur Patriots කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි Lalitpur Patriots කණ්ඩායම නියමිත පන්දුවාර 07 තුළ කඩුලු 06 ක් දැවී ලබාගත්තේ ලකුණු 51 ක් පමණයි.

සඳුන් වීරක්කොඩි ලකුණු 19(16) ක් රැස්කළා. ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 10(7) යි.

පන්දු යැවීමේදී නන්දන් යාදෙව් කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණා. බික්‍රම් සොබ් කඩුලු 2 ක් ද, කෙස්රික් විලියම්ස් එක් කඩුල්ලක් ද දවා ගත්තා.

ලකුණු 52 ක ඉලක්කයක් හඹාගිය Pokhara Rhinos කණ්ඩායම පන්දුවාර 6.3 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කළා.

රිචඩ් ලෙවී නොදැවී ලකුණු 38*(22)යි. ඒ අනුව Pokhara Rhinos කණ්ඩායමට කඩුලු 09 ක පහසු ජයක් හිමිවුණා.

එවරස්ට් ප්‍රිමියර් ලීගයේ 08 වන තරගය අද පස්වරුවේදී පැවති අතර එහිදී, Bahirahawa Gladiators කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සමත් වුණා.

එම තරගයේ කාසියේ වාසිය දිනාගත් Bahirahawa Gladiators කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට Biratnagar Warriors කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි Biratnagar Warriors කණ්ඩායමට පන්දුවාර 17.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 89 ක් පමණයි.

ඩිල්ෂාන් මුණවීර පන්දු 20 කදි ලකුණු 25 ක් රැස්කිරීමට සමත්වුණා. ඒ, එක් හයේ පහරක් සහ හතරේ පහරවල් දෙකක් සමගින්.

සෙසු කිසිදු පිතිකරුවකු හටවත් ලකුණු 15 සීමාව පසුකර යාමට හැකියාවක් ලැබුණේ නැහෑ.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වු ධම්මික ප්‍රසාද් පන්දුවාර 3 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 6 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණා.

ලකුණු 90 ක පහසු ඉලක්කයක් හඹාගිය Bahirahawa Gladiators කණ්ඩායම කඩුලු 4 ක් පමණක් දැවී පන්දුවාර 15.3 කදි ජයග්‍රහණය වාර්තා කළා.

උපුල් තරංග නොදැවී ලකුණු 34*(35) ක් ලබා ගත්තා. ටමීම් ඉක්බාල් ලකුණු 12(13) යි.

ඒ අනුව Bahirahawa Gladiators කණ්ඩායමට කඩුලු 6 ක පහසු ජයක් මෙම තරගයෙන් හිමිවුණා. තරගයේ වීරයා සම්මානය ධම්මික ප්‍රසාද් විසින් දිනාගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...