යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට මූල්‍ය ආධාරයක්

Date:

තෝරා ගත් වයස අවුරු 19න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසකට මූල්‍ය ආධාර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

එළඹෙන යොවුන් ආසියානු කුසලාන තරගාවලිය හා යොවුන් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මේ වන විට පුහුණුවීම් කටයුතුවල නිරත වන ක්‍රීඩකයින් 26 දෙනා වෙනුවෙනුයි එම මූල්‍ය ආධාර පිරිනමා ඇත්තේ.

ඒ අනුව එක් ක්‍රීඩකයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ප්‍රමාණයක් ලබා දී ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔවුන් ක්‍රීඩාව සදහා දක්වන කැපවීම වෙනුවෙනුයි මෙම මූල්‍ය ආධාර ලබා දීම සිදු කර ඇත්තේ.

අදාළ ක්‍රීඩකයින් 26 දෙනා ඊයේ(29) දිනය වන තෙක් දින 22ක කාලයක් නේවාසික පුහුණු කදවුරක් සදහා ද එක්ව සිටියා.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ එය සංවිධාන කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කළ දක්ෂතා සොයා යෑමේ වැඩසටහනක් තුළින් හදුනා ගත් ක්‍රීඩකයින් 75 දෙනෙකු අතරිනුයි ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් සංචිතයක් යොවුන් තේරීම් කමිටුව විසින් තෝරා ගනු ලැබුවේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...