නවසීලන්ත කාන්තා කණ්ඩායමටත් තර්ජන; ආරක්ෂාව දැඩි කෙරේ

Date:

මේ වන විට එංගලන්ත තරග සංචාරයක නිරතව සිටින නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ, නවසීලන්ත කණ්ඩායමට අදාළව එංගලන්ත ක්‍රිකට් ආයතනයට ලැබුණු තර්ජනාත්මක ඊ මේල් පණිවිඩයක් හේතුවෙන්.

එංගලන්ත කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තෙවැනි එක්දින තරගය අද(21) පැවැත්වීමට නියමිතව ඇති පසුබිමකයි මෙම ඊ මේල් පණිවිඩය ලැබී ඇත්තේ.

මෙම තර්ජනය සම්බන්යෙන් විමර්ශනයක් සිදු කළ අතර, තර්ජනය “විශ්වාස කළ නොහැකි යැයි සැලකේ” යනුවෙන් නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

කෙසේ වෙතත්, “පූර්වාරක්ෂාවක් ලෙස” කණ්ඩායමේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

එංගලන්තය මේ වන විට තරග 5කින් යුත් එක්දින තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

පසුගිය සතියේ දී ආරක්ෂාව සම්බන්ධයෙන් පැවැති ගැටලු සහගත තත්ත්වයක් බව පවසා නවසීලන්ත පිරිමි කණ්ඩායම ද පාකිස්තානයෙන් ඉවත් කර ගැනීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...