කුසල් මෙන්ඩිස්, මහේල හා කණ්ඩම්බි යටතට

Date:

එළඹෙන අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් එස්.එස්.සී ක්‍රීඩා සමාජය නියෝජනය කිරීම සදහා එම කණ්ඩායම සමග එක්ව තිබෙනවා.

ඔහු මීට පෙර නියෝජනය කළේ සී.සී.සී කණ්ඩායමයි.

එස්.එස්.සී කණ්ඩායමේ පුහුණුකරු ලෙස තිළිණ කණ්ඩම්බි කටයුතු කරන අතර, එම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුවේ ප්‍රධානීවරයා වන්නේ මහේල ජයවර්ධනයි.

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල හා ධනුෂ්ක ගුණතිලක මේ වන විට වසරක ජාත්‍යන්තර තරග තහනමකට හා මාස 6ක දේශීය තරග තහනමකට ලක්ව සිටිනවා.

ඒ, ජූනි මස සිදු කෙරුණු එංගලන්ත තරග සංචාරය අතරතුර දී ජෛව ආරක්ෂිත බුබුල උල්ලංඝනය කරමින් කටයුතු කිරීමේ සිද්ධියට වරදකරුවන් වීම හේතුවෙන්.

එවැනි තහනමක් පනවා තිබුණ ද ඔවුන්ට එළඹෙන අන්තර් සමාජ තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමට මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බවටයි වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...