“හිතාමතා දුර්වල ලෙස ක්‍රීඩා කළ බවට එල්ල කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා” : SLC

Date:

දකුණු අප්‍රිකාවට එරෙහිව නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඇතැම් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හිතාමතා දුර්වල ලෙස ක්‍රීඩා කළ බවට ඇතැම් මාධ්‍ය මගින් එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා සංචිතයේ කිසිදු ක්‍රීඩකයෙකුට එරෙහිව එවැනි කිසිදු චෝදනාවක් කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබී නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

20යි 20 තරගාවලිය සදහා ද ක්‍රීඩා කළේ දකුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලිය ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ම බව මෙම නිවේදනය ඔස්සේ ක්‍රිකට් ආයතනය සිහිපත් කරනවා.

සදාචාරාත්මක පුවත්පත් කලාව අනුගමනය කරන ලෙසට, අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්ති ප්‍රකාශයට පත් කළ අදාළ ප්‍රවෘත්ති ආයතනවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉල්ලා සිටින බවත්, මෙවැනි අසත්‍ය මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සූදානමට ද බලපෑම් එල්ල කරනු ඇති බවත් ක්‍රිකට් ආයතනය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සදහන්.

එවැනි අසත්‍ය මාධ්‍ය වාර්තා ක්‍රීඩකයින්ට මානසිකව ද බලපෑම් කරනු ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...