ඩොමිනික්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ශාන්ත කිට්ස් පිල අවසන් පන්දුවේ දී පළමු වරට ශූරයින් වෙයි

Date:

Dominic Drakes පන්දු 24කින් නොදැවී රැස් කළ ලකුණු 48 හේතුවෙන් පළමු වරට කැරබියන් ප්‍රිමියර් ලීග් (CPL) ශූරයින් බවට පත් වීමට ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමත් වුණා.

අවසන් පන්දුව දක්වා ක්‍රියාත්මක වූ අවසන් මහා තරගය ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ජය ගැනීමට ශාන්ත කිට්ස් කණ්ඩායමට හිමිව තිබූ ලකුණු 160ක ඉලක්කය ඔවුන් හඹා ගියේ කඩුලු 7ක් දැවී සිටියදී යි.

ක්‍රිස් ගේල්, එවින් ලුවිස් හා නායක ඩ්වේයන් බ්‍රාවෝ වැනි අත්දැකීම් බහුල පිතිකරුවන්ගෙන් ශාන්ත කිට්ස් කණ්ඩායමට ශූරතාවය දිනා ගැනීමට වැඩි දායකත්වයක් හිමි විය යුතුව තිබූ පසුබිමක ඔවුන් තිදෙනා පිළිවෙලින් රැස් කළේ ලකුණු 0, 6 හා 8ක් පමණයි.

ජොෂුවා ද සිල්වා ලකුණු 37ක්, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 25ක් හා ෆේබියන් ඇලන් ලකුණු 20ක් ලබා ගත්තා. කෙසේ වෙතත්, හයේ පහර 3ක් හා හතරේ පහර 3ක් සමගින් කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියේ Dominic Drakes.

අවසන් පන්දු දෙකට තරගය ජය ගැනීමට ඔවුන්ට ලකුණු 5ක් අවශ්‍යව තිබුණා. ඉනිමේ 20 වන පන්දුවාරයේ 5 වන පන්දුවට ඩොමිනික් හතරේ පහරක් එල්ල කළේ තරගයේ ලකුණු සංඛ්‍යාව සම තත්ත්වයට ගෙන එමින්. අනතුරුව තරගය ජය ගැනීමට අවසන් පන්දුවේ දි එක් ලකුණක් පමණක් අවශ්‍ය වූ අතර, එය පහසුවෙන්ම රැස් කර ගැනීමට ශාන්ත කිට්ස් පිල සමත් වුණා.

පන්දු යැවීමේ දී වහබ් රියාස් කඩුලු 2ක් බිද හෙලුවා.

ශාන්ත කිට්ස්හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළ අතර, එහිදී රහ්කීම් කෝන්වෝල් හා රොස්ටන් චේස් ලකුණු 43 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ෆවඩ් අහ්මඩ් හා නසීම් ශාහ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අවසන් තරගයේ වීරයා ලෙස Dominic Drakes සම්මානයෙන් පිදුම් ලැබූ අතර, තරගාවලියේ වීරයා රොස්ටන් චේස්.

අවසන් පන්දුවේ දර්ශන හා ජය සැමරූ ආකාරය ඇතුළත් දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...