“මම ඇඩුව. ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කළා” – ටිම් පේන්

Date:

2010 වසරේ දී පමණ තමා ක්‍රිකට් ක්‍රීඩාවට වෛර කිරීමට තරම් පෙළඹුණු බව ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ටිම් පේන් පවසනවා.

එම වසරේ ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් මාස කිහිපයකට පසු සිදු වූ ආබාධය ඊට හේතු වූ බවයි ඔහු සදහන් කර ඇත්තේ.

2010 වසරේ දී  ප්‍රදර්ශනාත්මක තරගයකදී ඩර්ක් නැනස් යැවූ පන්දුවක් ඔහුගේ දකුණු අතෙහි ඇගිල්ලක වැදී අස්ථි බිදී යාමක් සිදුව තිබුණා.

ඒ හේතුවෙන් ටිම් පේන්ට සැත්කම් 7කට මුහුණ දීමට සිදු වූ බව සදහන්.

මෙම ආබාධය හේතුවෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් තමාගේ විශ්වාසය වසර කිහිපයක්ම ගිලිහී ගිය බවයි ටිම් පේන් සදහන් කළේ.

“පන්දුව දිහා බලනවා වෙනුවට මම හිතුවෙ පන්දුව වදින එක ගැන. ඔබ එහෙම කරනවම් තරගය ගොඩක් අමාරු වෙනවා.”

යනුවෙන් ටිම් පේන් කියා සිටියා.

“දීර්ඝ කාලසීමාවක් මට ලකුණු ලබා ගන්න බැරි වුණා. මට කන්න බැරි වුණා. මට නිදා ගන්න බැරි වුණා. තරගවලට ඉස්සෙල්ලා මම භයෙන් හිටියේ.”

“මම ක්‍රිකට් පුහුණුවට තැමතියි. මම ක්‍රිකට් නරඹන්න කැමතියි. නමුත් ක්‍රීඩාවේ මගේ කොටස එනවිට මම ඒකට වෛර කළා.”

තමා යහන මතදීද හඩමින් කාලය ගත කළ බවයි ටිම් පේන් වැඩිදුරටත් සදහන් කර සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...