“ICC සභාපති වෙන්න මට හදිස්සියක් නැහැ.” – ගංගුලි

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ සභාපති ධූරය ලබා ගැනීම සදහා තමාට මෙම අවස්ථාවේ කඩිනම් අවශ්‍යතාවයක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.

මෙය ඊට සුදුසු කාලය දැයි සැකයක් පවතින බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ශශාන්ක් මනෝහාර් අයි.සී.සී සභාපතිධූරයෙන් ඉවත් වීමත් සමග එම ධූරය සදහා පත්විය යුත්තේ සෞරව් ගංගලි බවට පාර්ශව කිහිපයක්ම අදහස් දක්වා තිබුණා.

“ඔබ අයි.සී.සී ස්වාධීන සභාපතිවරයා වෙනවානම් ඔබට සිද්ධවෙනවා ඔබ නියෝජනය කරන ක්‍රිකට් ආයතනයේ දරන තනතුරෙන් ඉවත් වෙන්න. පෙර පැවැති ආකාරයෙක් තනතුරු දෙකම දරන්න වත්මන් අයි.සී.සී ව්‍යවස්ථාවෙන් අවසර ලැබෙන්නේ නැහැ. නමුත් වත්මන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවෙන් වෙනත් තනතුරක් දැරීමට අවසර තියෙනවා.”

යනුවෙන් සෞරව් ගංගුලි සදහන් කළ බවයි ඉන්දියා ටුඩේ වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

“මෙම අවස්ථාවේ එය නිවැරැදිදැයි මම දන්නේ නැහැ. මෙම අවස්ථාවේ ඉන්දීය ක්‍රිකට් ආයතනය හැර යන්න අවසර ලැබෙයිද කියල මම දන්නෙත් නැහැ. මම ඉක්මන් වෙන්නේ නැහැ.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...