“බෝලෙ උඩ ගියාම අපි මැරිල භූමදානය කළා කියලා මොහොතකට හිතුනා” – මෝර්ගන්

Date:

එංගලන්ත කණ්ඩායම එක්දින ලෝක ශූරයින් වී අදට වසරක් සපිරෙනවා.

ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී නවසීලන්තය සමග පැවැති අවසන් මහා තරගය ලකුණු සම වීමෙන් අවසන් වී, පසුව ලබා දුන් සුපිරි පන්දුවාරය ද සම වීම හේතුවෙන් තරගයේ දී ලබා ගත් හතරේ පහර සහ හයේ පහර සංඛ්‍යාව අනුව එංගලන්තය ලෝක ශූරයින් බවට පත් වූයේ පසුගිය වසරේ ජූලි 14 වනදා, එනම් අද වැනි දිනකයි.

තියුණු අවසානයක් ගත් අවසන් මහා තරගය සම්බන්ධයෙන් වසරකට පසුව එංගලන්ත කණ්ඩායමේ නායක ඉයන් මෝර්ගන් සිය මතකය යළි ආවර්ජනය කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් එම මතකයන් තමාට තවදුරටත් සමීප වූ බව ද ඔහු කියා සිටියා.

“නිසැකවම පසුගිය මාස 4 තරමක් අභියෝගාත්මක කාලයක්. නමුත් එම කාලය මට අවස්ථාව ලබා දුන්නා ලෝක කුසලාන අවසන් තරගය නරඹන්න. මම ඒක තුන් පාරක් බැලුවා. පළමුවරට ඉදගෙන ඒ ජයග්‍රහනය විදින්න මට අවස්ථාව ලැබුණා.”

යනුවෙන් ඉයන් මෝර්ගන් සදහන් කළා.

“දෙවැනි වතාවට බලද්දී මට එක් අවස්ථාවක යම් සැකයක් ආව. ජීමී නීෂම් පන්දු යවනවා බෙන්ට. ඔහු වේගය අඩාල කල පන්දුවක් යවනවා. බෙන් ඒකට උඩින් පහරක් ගහනවා. නමුත් ඒක ප්‍රමාණවත් පහරක් වුණේ නැහැ. ඒ වෙලාවෙ මොහොතකට මට හිතුන සියල්ල අවසන් කියලා. බෙන් දැවී යනවා කියලා. අපිට තවත් ලකුණු 15ක් විතර පන්දුවාරයකට ලබා ගන්න අවශ්‍යයි. ඒ වෙලාවෙ මොහොතකට මම හිතුවා අපි මැරිලා භූමදානය කළා කියලා”

කෙසේ වෙතත්, එංගලන්ත කණ්ඩායමේ වාසනාවකට එම අවස්ථාවේ දී ට්‍රෙන්ට් බෝල්ට් උඩ පන්දුව රැක ගත්ත ද ඔහුගේ එක් පාදයක් හතරේ සීමාවේ ස්පර්ශ වීම හේතුවෙන් එය හයේ පහරක් ලෙස සටහන් කිරීමට විනිසුරු කටයුතු කළා.

ඒ අනුව නවසීලන්තයේ උපන් බෙන් ස්ටොක්ස් තම උපන් බිමට එරෙහිව විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් එංගලන්තය වෙනුවෙන් ලෝක ශූරතාවය දිනා දිමට සමත් වූ අතර, ඔහු තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...