“මේක අද ඊයේ ඉදං තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. දිගින් දිගටම වෙන දෙයක්” : දසුන්

Date:

එළඹෙන ඕමාන තරග සංචාරයේ සිට පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග සදහා ද ශ්‍රී ලංකාව එක් සංයුතියක් ඔස්සේ ස්ථාවර කණ්ඩායමක් ක්‍රීඩා කරනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

කුසල් ජනිත් ආබාධයකට ලක්වීම හා ඔහුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් කණ්ඩායමේ සංයුතිය ස්ථාවර තත්ත්වයක නොතිබූ බවයි දසුන් පෙන්වා දුන්නේ.

දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් පූර්ණ තරගාවලි පරාජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ශ්‍රී ලංකා පිතිකරුවන් මීට වඩා විශ්වාසයක් සහිතව පිතිකරණයේ නිරත වෙමින් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගත යුතු බවත්, නිමා වූ තරගාවලියේ දී දකුණු අප්‍රිකානු දග පන්දු යවන්නන් ශ්‍රී ලංකා දග පන්දු යවන්නන්ට වඩා හොදින් පන්දු යොමු කළ බවත් ශ්‍රී ලංකා නායකයා කියා සිටියා.

“හැම වෙලාවෙම බලන්න ඕනෙ කඩුලු අතැතිව ඉනිම ගොඩ නගන්න. අපිට එක බැරි කමක් නෙවෙයි තියෙන්නේ. එක මැච් එකක හරියට ක්ලික් වෙන තමයි ප්‍රශ්නෙ. එක මැච් එකක වැදුණනම් මම හිතනවා ඒක දිගටම තියෙයි කියලා.” යනුවෙන් දසුන් පැවසුවා.

“මොකද මෑත කාලය ගත්තොත් මේ තරගාවලිය විරතක් නෙවෙයි පහුගිය අවුරුදු කිහිපය තුළම ඔය ප්‍රශ්නෙ තිබ්බ. අපි අන්තිමට ලකුණු 180ක් ගැහුව මැච් එකක් අරගෙන බැලුවොත් ගහන්න ඇත්තේ සෑහෙන කාලෙකට කලිං. ඉතිං මේක අද ඊයේ ඉදං තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. දිගින් දිගටම වෙන දෙයක්.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් දුර්වල යැයි මෙමගින් නොහැගෙන බවත්, ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ දී මෙම ගැටලු සකස් කර ගත යුතු බවත්, දසුන් මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...