නව IPL කණ්ඩායම් දෙකේ වෙන්දේසිය ඔක්තෝබර් 17 පැවැත්වෙන ලකුණු

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ලබන වසරේ සිට එක් කර ගැනීමට නියමිත නව කණ්ඩායම් දෙක වෙනුවෙන් පැවැත්වෙන වෙන්දේසිය ඔක්තෝබර් 17 වනදා පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායිහී දී පවත්වා දින දෙකකින්, එනම් මෙවර 20යි 20 ලෝක කුසලානය මස්කට් හී දී ආරම්භ වන දිනයේ දී යි එම වෙන්දේසිය පැවැත්වීමට මේ වන විට අවධානය යොමුව ඇත්තේ.

ඒ අනුව බොහෝ විට අදාළ වෙන්දේසිය මැදපෙරදිග නගරයක පැවැත්වීමට ඉඩ ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

නව කණ්ඩායම් දෙක කේන්ද්‍ර කර ගන්නා නගර දෙක කුමක් දැයි මෙතෙක් තීරණය කර නැතත්, ඒ වෙනුවෙන් මේ වන විට නගර 6ක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා. අහ්මදාබාද්, ලක්නව්, ගුවහාටි හා කටක් යන නගර ද ඒ අතරට අයත්.

නව කණ්ඩායම් දෙකේ හිමිකාරීත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන පාර්ශව ඔක්තෝබර් 5 වනදා වන විට ටෙන්ඩර් ලේඛනය මිලදී ගත යුතුයි.

එක් කණ්ඩායමක් සදහා වන අවම ලංසු මිල ඉන්දීය රුපියල් කෝටි 2,000ක් පමණ වන බවයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කළේ.

නව කණ්ඩායම් දෙකක් එක් වීමත් සමග එක් කණ්ඩායමක් ක්‍රීඩා කරන තරග සංඛ්‍යාව ද ලබන වසරේ සිට ඉහළ යනු ඇති.

මේ වන විට සෑම කණ්ඩායමක් ම සිය නගරය තුළ හා ප්‍රතිවාදී කණ්ඩායමේ නගරය තුළ තරග 7 බැගින් තරග 14ක් ක්‍රීඩා කරනු ලබනවා.

ලබන වසරේ සිට එය තරග 9 බැගින් තරග 18ක් දක්වා ඉහළ යාමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත්, තරග පැවැත්වීමට ඇති කාලය ඉතා සීමිත බැවින් වැඩි තරග සංඛ්‍යාවක් සංවිධාන කිරීම කෙරෙහි ඉන්දීය ක්‍රිකට් බළධාරීන්ගේ අවධානය යොමු නොවනු ඇති.

ඒ අනුව තරග පැවැත්වීමට අවස්ථාව ඇති කාලය පිළිබද සලකා බලා බොහෝ විට තරග 74ක් හෝ 96ක් ලබන වසරේ දී පැවැත්වීමට ඉඩ තිබෙනවා.

නව කණ්ඩායම් දෙකක් එක්වීමත් සමග ක්‍රීඩක වෙන්දේසියට පෙර මේ වන විට තරග කරන කණ්ඩායම් 8 සදහා සිය සංචිතයේ රදවා ගත හැකි ක්‍රීඩකයින් ගණන ද සංශෝදනයකට ලක් වනු ඇති.

ඒ පිළිබද තොරතුරු නොවැම්බර් මාසයේ දී නිවේදනය කිරීමට නියමිතව ඇති බවත්, ක්‍රීඩක වෙන්දේසිය ලබන ජනවාරි මාසයේ දී පැවැත්වීමට ඉඩ ඇති බවත් සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...