ගේල්, ලුවිස්ගේ හයේ වැස්ස මැද ගේල්ගේ පිත්තට වුණ දේ ; CPL අවසන් තරගයත් අද

Date:

කැරබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(15) පැවැත්වෙනවා.

ඒ, ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම හා ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ශාන්ත කිට්ස්හි වෝනර් පාර්ක් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතය තිබෙනවා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම ලකුණු 21ක ජයක් වාර්තා කළේ ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශාන්ත ලුසියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 205ක් රැස් කළ අතර, ට්‍රින්බෑගෝ පිතිකරුවන්ට පන්දුවාර 19.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 184ක් පමණයි.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් යුත් ට්‍රින්බෑගෝ කණ්ඩායම වෙනුවෙන් මෙවර තරගාවලියේ දී ඉසුරු උදාන ද ක්‍රීඩා කළ නමුත්, අවසන් පූර්ව තරගය සදහා ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කළේ ගයානා ඇමසන් වොරියර්ස් කණ්ඩායමට එරෙහිවයි.

පළමුව පන්දුවට පහරදුන් ගයානා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 178ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත කිට්ස් ක්‍රීඩකයින් පන්දුවාර 17.5ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ශාන්ත කිට්ස් ඉනිමේ ආරම්භක පිතිකරුවන් වූ ක්‍රිස් ගේල් ලකුණු 42(27)ක්(හයේ පහර 3ක්) හා එවින් ලුවිස් නොදැවී ලකුණු 77(39)(හයේ පහර 8) ලබා ගත්තා.

තරගය අතරතුර දී ක්‍රිස් ගේල්ගේ පිත්ත පන්දුවක් වැදී කැඩී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට ද පත් වුණා. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...