දියාරු පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක්

Date:

ශ්‍රී ලංකා පිතිකරුවන් අඛණ්ඩව දැක් වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් තරග 3-0ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම අද(14) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි 20යි 20 තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 10ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ වෙනස්කම් 3ක් ද සමගින්.

ඒ අනුව දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක හා ප්‍රවීන් ජයවික්‍රම අවසන් තරගයෙන් ඉවත් කර තිබූ අතර, ඔවුන් වෙනුවට අවිශ්ක ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස් හා ළහිරු මදුෂංක කණ්ඩායමට කැදවා තිබුණා.

පළමුවෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව මෙම තරගයේ දී ගත් තීරණයට ද පිතිකරුවන් සාධාරණයක් ඉටු කළේ නැහැ.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20 අවසානයේ නිමා වුණේ කඩුලු 8ක් දැවී ලකුණු 120ක් ලෙස සටහන්ව තිබියදීයි.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 12කට දැවී ගිය අතර, මෙම තරගයේ දී අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසි ධනංජය ද සිල්වා එක් ලකුණකට දැවී ගියා. භානුක රාජපක්ෂ ලකුණු 5යි. කමිදු මෙන්ඩිස් ලකුණු 10ක් රැස් කළා. යළිත් අසාර්ථක වූ වනිදු හසරංග ලකුණු 4කට දැවී යද්දී, ළහිරු මදුෂංක එක් ලකුණකට දුවද්දී දැවී ගියා.

කුසල් ජනිත් පෙරේරා සටන්කාමී ලකුණු 39(33) ක් ලබා ගත්තා. නායක දසුන් ශානක ලකුණු 18ක් රැස් කළා. චාමික කරුණාරත්න පන්දු 19කින් නොදැවී ලකුණු 24ක් රැස් කළේ හයේ පහර 2ක් සමගින්.

පන්දු යැවීමේ දී Bjorn Fortuin හා කාගිසෝ රබාඩා කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 14.4ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පහසුවෙන් පසු කළා.

ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 59ක් ලබා ගත්තේ හතරේ පහර 7ක් සමගින්. රීසා හෙන්ඩ්‍රික්ස් නොදැවී ලකුණු 56යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...