ලසිත් මාලිංග ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහු මීට පෙර ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර පිටියෙන් සමු ගෙන තිබූ නමුත්, මෙතෙක් 20යි 20 පිටියට සමු දී තිබුණේ නැහැ.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද ඔහු ඇතුළත් නොවුණු අතර, ඒ අනුව මාලිංග ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

ඒ බව ඔහු අද පස්වරුවේ සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් නිවේදනය කළා.

“වසර 17 ක් පුරාවට ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළින් මම ලබාගත් දැනුම, අත්දැකීම් තවදුරටත් මට ක්‍රිකට් පිටියක් තුල අවශ්‍යය වෙන එකක් නෑ..මොකද..මගේ ක්‍රිකට් ජීවිතයේ ඉතිරි වුන අවසන් පුරුක,T20 ක්‍රිකට් වලටත් සමුදීමට මම අද තීරණය කළා.” යනුවෙන් මාලිංග කියා සිටියා.

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න, ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න මහන්සිවෙන අපේ නවක ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා එක්ක මම හැමදාමත් ඉන්නවා. තෙරුවන් සරණයි! w w w w w o මේ වගේ over එකක් කවදා හරි දවසක දාන්නෙත් අපේම කොල්ලෙක් තමයි ! ”

2014 වසරේ පැවැති 20යි 20 ලෝක ශූරතාවය ශ්‍රී ලංකාව ජය ගන්නා විට කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේ ලසිත් මාලිංගයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පිට පිට පන්දු 4ක් තුළ කඩුලු 4ක්, අවස්ථා දෙකකදී දවා ගත් එකම පන්දු යවන්නා වන්නේ ඔහුයි.

ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ඨතම වේග පන්දු යවන්නෙකු ලෙස ලසිත් මාලිංග සැලකෙන අතර, ලෝක කුසලාන තරගාවලියන්හී දී කඩුලු ත්‍රිත්වයන් දෙකක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා ලෙස ද මාලිංග ඉතිහාසගත වී තිබෙනවා.

එක්දින ජාත්‍යන්තර තරගවල කඩුලු ත්‍රිත්වයන් 3ක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා වන මාලිංග ජාත්‍යන්තර පිටියේ දී කඩුලු ත්‍රිත්වයන් 5ක් දවා ගෙන ඇති එකම පන්දු යවන්නා ද වනවා.

ජාත්‍යන්තර 20යි 20 පිටියේ (107) මෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ද (170) වැඩිම කඩුලුලාභියා වන්නේ 38 හැවිරිදි ලසිත් මාලිංගයි.

ලසිත් මාලිංග දවා ගත් අවසන් කඩුල්ල පහතින් නරඹන්න –

https://twitter.com/cric12222/status/1438028157274099718

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...