ශකීබ් අල් හසන් සිය හොදම කණ්ඩායමට ලසිත් මාලිංගව කැදවයි

Date:

වත්මන් සීමිත පන්දුවාර ක්‍රිකට් රටාවේ අයි.සී.සී ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ පසුවන තුන් ඉරියව් ක්‍රීඩකයා වන බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් විසින් සිය හොඳම IPL කණ්ඩායම නම් කර තිබෙනවා.

මෙම කණ්ඩායම සදහා ශ්‍රී ලංකා හිටපු විස්සයි විස්ස නායක, සුපිරි වේග පන්දු යවන ක්‍රීඩල ලසිත් මාලිංග ද නම් කිරීමටයි ඔහු කටයුතු කර ඇත්තේ. ලසිත් මාලිංග අයි.පී.එල් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා ද වනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීගයේ තරග 66 කට ක්‍රීඩා කර ඇති ශකීබ් අල් හසන්, රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 784 ක්. එමෙන්ම කඩුලු 61 ක් ද දවාගැනීමට ඔහු සමත්ව තිබෙනවා.

ඔහු නම් කළ කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ මහේන්ද්‍ර සිං දෝනිටයි. ලසිත් මාලිංග ඇතුළු ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙකු කණ්ඩායමට ඇතුළත්.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී එක් කණ්ඩායමක් සදහා උපරිම විදෙස් ක්‍රීඩකයන් සිව් දෙනෙකුට ක්‍රීඩා කිරීමට හැකියාව පැවතුණ ද, ශකීබ් සිය කණ්ඩායමට නම් කර ඇත්තේ විදෙස් ක්‍රීඩකයන් තිදෙනෙකු පමණයි.

ශකීබ් අල් හසන්ගේ තේරීම අනුව ඔහුගේ හොඳම ඉන්දීය ප්‍රිමියර් ලීග් කණ්ඩායම මෙසේයි –

01. රෝහිට් ෂර්මා 02. ඩේවිඩ් වෝනර් (✈ ) 03. විරාට් කෝලි 04. සුරේෂ් රයිනා 05. මහේන්ද්‍ර සිං දෝනි (C) (wk) 06. කේ.එල්. රාහුල් 07. බෙන් ස්ටෝක්ස් (✈) 08. රවීන්ද්‍ර ජඩේජා 09. ලසිත් මාලිංග (✈) 10. ජස්ප්‍රිට් බුම්රා 11. බුවනේස්වර් කුමාර්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...