ස්ටොක්ස් ඉවත් කරමින් එංගලන්ත T 20 ලෝක කුසලාන සංචිතය නම් කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත සංචිතය අද(9) ප්‍රකාශයට පත් කෙරුණා.

ඔයින් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ද නම් කර තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩකයින් වන Tymal Mills හා ක්‍රිස් වෝක්ස් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Mills අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2016 වසරේ දී යි.

මේ වන විට තේරීම් සදහා සලකා නොබලන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් සංචිතයට නම් කර නොමැති අතර, ටෙස්ට් නායක ජෝ රූට් ද සංචිතයට ඇතුළත්ව නැහැ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වන අතර, තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ එංගලන්තය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 23 වනදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Squad: Eoin Morgan, Moeen Ali, Jonathan Bairstow, Sam Billings, Jos Buttler, Sam Curran, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Tymal Mills, Adil Rashid, Jason Roy, David Willey, Chris Woakes, Mark Wood

Reserves: Tom Curran, Liam Dawson, James Vince

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...