අවසන් ටෙස්ට් තරගයට දිනක් තිබියදී ඉන්දියාවට කොරෝනා ප්‍රශ්නයක්; පුහුණුවීම් අවලංගුයි

Date:

එංගලන්තයේ රැදී සිටින ඉන්දීය ටෙස්ට් සංචිතයට සම්බන්ධ තවත් සහාය කාර්යය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ හේතුවෙන් අද(9) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ද අවලංගු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඊයේ(8) පස්වරුවේ සිදු කළ වෛද්‍ය පරීක්ෂණවල වාර්තා අද ලැබීමෙන් පසුව මේ බව අනාවරණය වී ඇති බව සදහන්.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට නැවත දැනුම් දෙන තුරු ඔවුන්ගේ හෝටල් කාමර තුළම රැදී සිටින ලෙසට උපදෙස් ලබා දී තිබෙනවා.

අද දිනයේ දී ද සියලු සාමාජිකයින්ට වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ඇති අතර, එහි ප්‍රතිපල මෙතෙක් ලැබී නැහැ.

දෙරට අතර පැවැත්වීමට නියමිත පස්වැනි හා අවසන් ටෙස්ට් තරගය හෙට(10) මැන්චෙස්ටර්හී දී ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි මෙම සිදු වීම වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රීට ද පසුගියදා නිමා වූ සිව්වැනි ටෙස්ට් තරගය අතරතුර දී කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ අතර, ඒ හේතුවෙන් ඔහු සහ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු හුදෙකලා කිරීමට ලක් කිරීමටයි පියවර ගෙන තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...