T 20 ලෝක කුසලානයට ඕමාන සංචිතය නම් කෙරේ

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඕමාන සංචිතය අද(8) ප්‍රකාශයට පත් කෙරුණා.

තරගාවලියේ සම සත්කාරක රටක් ලෙස ද කටයුතු කරන ඕමාන කණ්ඩායම Zeeshan Maqsood ගේ නායකත්වයෙන් මෙවර තරගාවලියට එක් වන්නේ 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් සමගින්.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිත 2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතු වන අතර, තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය යටතේ ඕමානය ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 17 වනදා පැපුවා නිව් ගිනියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

Squad:

Zeeshan Maqsood (c), Aqib Ilyas, Jatinder Singh, Khawar Ali, Mohammad Nadeem, Ayaan Khan, Suraj Kumar, Sandeep Goud, Nester Dhamba, Kaleemullah, Bilal Khan, Naseem Khushi, Sufyan Mehmood, Fayyaz Butt, Khurram Khan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...